මහමැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන මහජනතාව සඳහා මෙන්ම ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ පොදු ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය
මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.
එම සැළැස්ම ජුලි 31 දින සිට අගෝස්තු 10 දක්වා ක්‍රියාත්මක බව අමාත්‍යවරයාා සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද අගුනකොළපැලැස්ස තම නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ එනම් බස් රථ 5300ක් ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ. එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම විසින් අන්තර් පළාත් බස් රථ පමණක් නොව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600ක් පමණ
දැනටමත් අවශ්‍ය වුවහොත් ප්‍රවාහන සේවා සැලසීමේ අරමුනින් ධාවනය සඳහා සුදානම් කර තිබෙන අතර ඒ සඳහා තාවකාලික බලපත් ද ද ලබා දී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුව සතුව පවතින සියලු දුම්රිය ද ධාවනය සඳහා එක්කර තිබේ. ඇතැම් දුම්රිය ගමනාන්තයන් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය සඳහා යොදවා තිබෙනවා.
පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දි කෙතරම් පිරිසක් ගමන් කළ ද කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂණ වැඩ පිලිවෙළ අනුව ප්‍රවාහන කටයුතු සිදු කෙරේ. ඒ අනුව ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම, මුහුනු ආවරණ පැළඳීම අනිවාර්යය වන අතර මුහුනු ආවරණ නොමැති මගීන් බස් රථ හෝ දුම්රියට ඇතුල් කිරීමටඅවසර නොමැත. එමෙන්මදෑත් සෝදා ගැනීමේ පහසුකම් මෙන්ම බස් රථ තුළ සැනිටයිසර් හා විෂබීජනාශක ලබා දීම ද සිදු කරන ලෙස උපදෙස් දි තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්