පාර්ලිමේන්තුව තුළ බලවත් විපක්ෂයක් නිර්මාණය කිරීමට නම් ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදිය යුතු බව එහි නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි.
එවැනි බලවත් විපක්ෂයක් කිසි සේත්ම රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට නිර්මාණය කළ නොහැකි බව ද සඳහන් කළේය.
මැතිවරණයෙන් පසු රටේ පාර්ලිමේන්තුව ජනතාව අසාධාරණයට ලක් කරන තීන්දු ගෙන එන විට ඒවාට එරෙහිව නැගී සිටිය හැකි බලවත් විපක්ෂයක් නිර්මාණය කළ යුතු බව
ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්