මහ මැතිවරණයෙන් ජයගත් සියලු පක්ෂවලට අදාළ ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ වෙත දැනුම් දී තිබේ.
එම ජාතික ලැයිස්තු නාම ලේඛන ලද පසු මෙවර මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට කටයුතු කරන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු නාම ලේඛනය ඊයේ (07) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු නාම ලේඛනය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
එම ප්‍රකාශකයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරිමෙන් පසු එම නාම ලේඛනය කොමිෂන් සභාව වෙත භාරදීමට කටයුතු කරන බවය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට