මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා නිවේදනය කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානේ 41 (අ) හා 103 (1) යන ව්‍යවස්ථාවන්ට අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට පහත සාමාජිකයන් පත්කර තිබෙනවා.
නිමල් ජී.පුංචිහේවා මහතා – සභාපති හා සාමාජික
එම්.එම්.මොහොමඩ් මහතා – සාමාජික
එස්.බී දිවාරත්න මහතා – සාමාජික
කේ.පී.පී පතිරණ මහතා – සාමාජික
ජීවන් ත්‍යාගරාජා මහතා – සාමාජික
මැතිවරණ කොමිෂන් සභාව පත්කර ඇති සභාපති ඇතුළු එම සාමාජිකයින් හෙට (10) රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග