මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවපවසයි. 

එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ගගනු ලබන බවයි

එමෙන්ම තමන් වෙත ද ඉල්ලා අස්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක්  නොකළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේසභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.  

ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළ වූවාර්තාවලට පිළිතුරු ලබා දෙමින්

WP Twitter Auto Publish Powered By : XYZScripts.com