අගෝස්තු 05 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ මාධ්‍ය ප‍්‍රචාරක දැන්වීම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඡුායාරූපය, නම සහ තනතුර යොදා නොගන්නා ලෙස ජනාධිපති කාර්යාලය උපදෙස් දී තිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේක්‍ෂකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම, තනතුර සහ ඡුායාරූපය ද ඔවුන්ගේ ප‍්‍රචාරක දැන්වීම්වලට යොදා ගැනීමේ උනන්දුවක් දැක්වීම නිසා මෙම ඉල්ලීම කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන කිසිදු අපේක්‍ෂකයකුට, පක්‍ෂයකට හෝ දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන අපේක්‍ෂකයකුට හෝ තම පදවිය හෝ නම හෝ ඡුායාරූපය මුද්‍රිත හෝ විiුත් ප‍්‍රචාරක දැන්වීමක යොදා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැමැත්ත පළ කර නැති බවද එම නිවේදනයේ සඳහන්ය.
මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම්වලට ජනපති රුව යොදා නොගන්නැයි නියෝග

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට