සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙය ඇන්ජෙලෝ මැතිව්ස් ක‍්‍රීඩාකරන සිය වන ටෙස්ට් තරගයයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් තරග සියයකදී ජාතික කණ්ඩායම නියෝජනය කළ 6 වන ක‍්‍රීඩකයා ලෙස ඉතිහාස ගතවනු ඇති.
මේ අතර කොවිඞ් ආසාදනය වී සිටි පැතුම් නිශ්ශංක සුවය ලබා ඇති අතර ඔහු නැවත ටෙස්ට් සංචිතයට එක්වන බවයි ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සංචාරක පකිස්ථාන කණ්ඩායම කඩුළු 4කින් ජය ගැනීමට සමත්වුණා.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්