සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අද සමත්වුණා.
ඒ එංගලන්තයට එරෙහි 02 වන ටෙස්ට් තරගයේදීයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව තීරනය කලේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
මුල් කඩුලු 02 ළකුණු 07 කදී බිඳ වැටුණද ළහිරු තිරිමාන්න / ඇන්ජලෝ මැතිව්ස් හා නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉණිම ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්වුණා.
චන්දිමාල් ළකුණු 52 කටද / තිරිමාන්න ළකුණු 43 කටද දැවී ගියා.
අද දිනයට තරගය අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 04 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229 ක්.
මැතිව්ස් නොදැවී ළකුණු 107 ක්ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ළකුණු 19 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියා.
ජේම්ස් ඇන්ඩර්සන් ළකුණු 24 කට කඩුලු 03 යි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි