ශ්‍රීලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 447 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් දිවයිනට පැමිණ තිබෙනවා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 27 දෙනෙකු ඒ අතර වේ.
මේ අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් යානයෙන් තානාපති නිළධාරින් 16 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 112 දෙනෙකු ද ඊයේ (08) පස්වරුවේ දිවයිනට පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව PCR පරීක්ෂණ වලට ලක්කර නිරෝධායන මධ්‍යස්ථානවෙත යොමුකර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ