පසුගිය සති දෙකක කාලය තුළ මැදපෙරදිග රටවල් හයක සංචාරය කළ ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට මෙරටට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා ගුවන් සේවය කියා සිටී.
ඒ අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේටය හා ඕමානයේ සංචාරය කළ ලාංකිකයින් ඇතුළු වෙනත් මගීන්ට මෙම තහනම පනවා ඇත.
එය ලබන 13 වැනිදා තෙක් බලපැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් සියලු දෙස් විදෙස් ගුවන් සමාගම් වෙත දන්වා ඇතැයිද එම අධිකාරිය කියා සිටී.
කොවිඩ් වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම පියවර ගෙන ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ