මැද පෙරදිග තත්ත්වය තියුනු ලෙස පිරිහීම අමෙරිකාවේ මැදපෙරදිග ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය පිළිබඳ පැහැදිලි උදාහරණයක් බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි.
රුසියාවේ සංචාරයක නිරත ඉරාක අගමැති Mohammed Shia’ Al Sudani මහතා සමඟ, Vladimir Putin මහතා ඊයේ (10) ක්‍රෙම්ලිනයේ දී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ දී, රුසියානු-ඉරාක සබඳතා සහ මැදපෙරදිග තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ බව පැවසීය.
පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටය පිළිබඳ Vladimir Putin මහතා පැවසුවේ ඇමරිකාව සෑම විටම මැදපෙරදිග ප්‍රශ්නයට විසඳුම ලෙසට ඒකාධිකාරීත්වයක් ආරෝපනය කිරීමට උත්සාහ දරන බවයි. ඇමරිකාව දෙපාර්ශ්වයටම පිළිගත හැකි සම්මුති විසඳුමක් සෙවීම කිසි විටෙකත් නොසලකන බවත්, ඒ වෙනුවට තමන් නිවැරදි යැයි විශ්වාස කරන අදහස් අනුගමනය කරමින් පලස්තීන ජනතාවගේ මූලික අවශ්‍යතා නොසලකා හරින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්