මැයි 09 වනදා “මයිනාගෝ ගම” හා “ගෝඨාගෝ ගම” සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධීන්ට අදාළව සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා
එසේම මහින්ද කහඳගම මහතා සහ තවත් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ.
අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත මේ බව දැනුම්දෙනු ලැබුවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට