චීනය මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනයට මූල්‍ය සහනාධාර පරිත්‍යාග කරයි.
පලස්තීනයේ චීන කාර්යාලය ඊයේ(01) එම ආයතනය සමග මූල්‍යාධාර පරිත්‍යාග කිරීමේ ගිවිසුමට අත්සන් තැබීය.
පලස්තීනයේ චීන නියෝජිත කාර්යාලයේ අධ්‍යක්ෂ Zeng Jixin මහතා එහිදී ප්‍රකාශ කළේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනයේ වැඩකටයුතුවලට සහය දෙන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ද ඉල්ලීමක් කළ බවයි. මෙවර මූල්‍ය පරිත්‍යාග කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ, එම ආයතනය ගාසා තීරය වෙත හදිසි මානුෂීය සහනාධාර ලබා දීමට සහාය ලබා දීමයි. ජගත් ප්‍රජාව සමග එක්ව ගාසා තීරයේ කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කිරීම, මානුෂීය ව්‍යසනය සමනය කිරීම මෙන්ම “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම යන කටයුතුවලට චීනය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනය 1949 වසරේ ස්ථාපිත කෙරිණ. ජෝර්දාන ගංගාවේ බටහිර ඉවුර ප්‍රදේශයේ, ගාසා තීරයේ මෙන්ම ජෝර්දානය, ලෙබනනය, සිරියාව යන රටවල ලියාපදිංචි පලස්තීන ජාතික සරණාගතයින් සඳහා මානුෂීය සහනාධාර, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා යන සේවාවන් ලබා දීම එම ආයතනයේ ප්‍රධාන වගකීමකි.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ