ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශයට අනුව ෆයිබර් ඔබ්ටික් පහසුකම මෙරට පාසල් 10,000 කට ලබා දී ඇති නමුත්, ගම්වල ජනතාව ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දී තිබෙන්නේ කුමන පාසල්වලටද යන්න පිළිබඳව ජනතාව මහජන නියෝජිතයන්ගෙන් විමසා සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ජනතාවගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් සංඛ්‍යාව කොපමණද පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.
මෙරට පිහිටි සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10,174 ක් වන අතර, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබාදීමට ඉතිරිව තිබෙන්නේ පාසල් 174 ක් පමණක් බව පෙන්වා දෙන රෝහිණී කවිරත්න මහත්මිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට සමීපව සිටින පුද්ගලයන් විසින් ඔහුව බරපතල ලෙස රවටා ඇති බවයි.
රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳව ඔහු දැනුවත්ව සිටිය යුතු නමුත් ජනාධිපතිවරයාගේ කතාව අනුව පැහැදිලි වන්නේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අතිශය බරපතල ප්‍රශ්න පිළිබඳව හෝ දැනුවත්භාවයක් ඔහුට නොමැති බව යැයිද මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා. ජනාධිපතිවරයාගේ තරහකාරයන් සිටින්නේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලද එසේ නැතහොත් ජනාධිපතිවරයාගේ සමීපයේද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුවන බවද කවිරත්න මහත්මිය සඳහන් කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්