රෝයල් පාක් ඝාතනයේ මිනීමරුවාට ජනාධිපති සමාව ලබා දීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ගෙදර යන ගමන්’ රුපියල් කෝටි 5ක් ලබා ගත් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අනාවරණය කළේය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ එම සමාව ලබා දීමට මැදිහත්කරු වශයෙන් කටයුතු කළ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේටද රුපියල් කෝටි 3ක මුදලක් හිමිවූ බවකි.
මරණ දඩුවම හිමිව තිබූ ජූඩ් ශ්‍රමන්ත නැමැති අයගේ දෙමව්පියන් කෝටිපති ඇගලුම් ව්‍යාපාරිකයන් බව පෙන්වා දුන් රන්ජන් රාමනායක මහතා නිදහස ලැබූ සැණින් ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවට ගොස් එතැනින් මැලේසියාවට ගොස් අතුරුදන් වූ බවද පෙන්වා දුන්නේය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්