පුද්ගලයින් 186ක් මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශ සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රටක් වශයෙන් ලොක්ඩවුන් වෙන තත්ත්වයක් දැනට නොමැති බවයි.
මෙරට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් සියලු පුද්ගලයින් සුරක්ෂිත වි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවත් හමුදාපතිවරයා පැවසීය.
මේ අතර මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත පොකුරේ සමස්ථ ආසාදිතයන් ගණන 2,510ක් වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාව තුල වාර්තාගත වැඩිම කොරෝනා ආසාදිත පොකුර මෙයයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට