මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4, 400 දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 4, 400 දක්වා ඉහළ ගියා.

ඉන් 1, 041 දෙනෙකු ඇගළුම් සේවකයින් වන අතර අනෙක් පුද්ගලයින් 3, 359 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්.

කොවිඩ් ආසාධිත පුද්ගලයින් 351 දෙනෙකු ඊයේ දිනයේ දී හදුනා ගනු ලැබුවා.

ඉන් තිදෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

අනෙක් පුද්ගලයින් දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරට අයත්.

මේ අතර මෙරට 16 වන කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා.

මිය ගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පසුගිය 23 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ රුධිරයට විෂබීජයක් ඇතුළුවීමෙන් හටගත් සංකූලතාවක් හේතුවෙන් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පසුව ඔහු කොවිඩ් ආසාධිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com