කොවිඩ් ආසාදිතව මේ දක්වා මියගිය අය 5222ක පිරිස අතරින් 5022 දෙනෙකු කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
මියගිය අනෙක් පුද්ගලයින් 200 දෙනා එක් කොවිඩ් මර්දන එන්නතක් හෝ ලබාගත් පසුව මියගොස් ඇති බවත් ඔහු සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ එම 200 දෙනා අතුරින් 177 දෙනෙකු එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවත් අනෙක් 23 දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් බවයි.
මෙලෙස එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය පුද්ගලයන්ට වෙනත් රෝගාබාධ රැසක් තිබූ බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තවදුරටත් සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට