මියන්මාරයේ මැණික් ආකරයක සිදු වූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව
170 ඉක්මවා තිබෙනවා.
අධික වර්ෂාවත් සමගයි මෙම නායයෑම සිදුව තිබුණේ.
අනතුර සිදුවන අවස්ථාවේ 200 ට වැඩි පිරිසක් පතල තුළ සේවය කරමින් සිටි බව ද එරට වාර්තා සඳහන් කළා.
මේ අතර විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මියන්මාරයේ හකාන්ට් ප්‍රදේශයේ මෙවැනි පතල් රැසක් පවත්වාගෙන යන බවයි.
අඩු පහසුකම් යටතේ දිළිඳු පවුල්වල පුද්ගලයින් මෙම පතල්වල සේවයේ යොදවා ඇති බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කිසිඳු සංවිධානයක හෝ රටක මැදිහත්වීමක් සිදුනොවන බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණා.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්