මියන්මාර් හමුදා දිනයේදී විරෝධතාකරුවන් 100 කට අධික පිරිසකට වෙඩි තබා මරා දැමීමෙන් පසු හමුදා නායක ජනරාල් මින් අවුන් සුපිරි සාදයක් පවත්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙම සාදය පැවැත්වීමට පෙර හමුදා ආචාර පෙළපාලිය ඇමතූ මියන්මාර් නායකයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා කටයුතු කරන බවත් කලබලකාරි ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවටත් අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විට මියන්මාර මිලිටරි වෙඩි පහරට ගොදුරුව මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේ නමුත්, අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් නිදහස් කරන ලෙසත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා රට පුරා විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි