මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පාමින් එරට වැඩ කරන ජනතාව විසින් ඊයේ (22දා ) ක්‍රියාත්මක කළ දැවැන්ත දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රටේ සියලූ ව්‍යාපාරික ආයතන හා කඩසාප්පු වසා දමා තිබිණි.
වර්ජිත සේවකයන් ඇතුළු මාර්ගවල උද්ඝෝෂණ පවත්වන විරෝධතාකරුවන් ආරක්ෂක හමුදාවන් සමග ගැටුනහොත් විරෝධතාකරුවන්ගේ ජීවිත අහිමි විය හැකි බවට මියන්මාර් හමුදා පාලකයන් විසින් සිදු කර ඇති අනතුරු ඇඟවීම පවා නොතකමින් ඊයේ දිනයේද එරට මාර්ගවල උද්ඝෝෂණ පැවැත්වීමට විරෝධතාකරුවෝ පියවර ගෙන තිබිණි.
මියන්මාරයේ මෙසේ දැවැන්ත වැඩ වර්ජනයක් ඊයේ දිනයේ කැඳවන ලද්දේ ඉකුත් සෙනසුරාදා (20දා) දිනයේ මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන ‘මන්ඩලේ’ නගරයේ පැවති උද්ඝෝෂණවලදී පොලිස් වෙඩි තැබීමකින් විරෝධතාකරුවන් දෙදෙනකු මිය යාමත් සමගය.
විරෝධතාකරුවන්ට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරන බවට හමුදා පාලකයන් විසින් දැනටමත් නිවේදනය කර තිබුණද එම නිවේදනය නොතකමින් දස දහස් සංඛ්‍යාත ජනකායක් මෙම හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණවලට සහභාගි වෙමින් සිටින බව වාර්තා වේ.
වසන්ත විප්ලවයක් සඳහා එකතුවන ලෙස සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය මහජනයාගෙන් ඉල්ලා තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉතා තදබල ප්‍රකාශයක් කරමින් නවීන ලෝකයේ කුමන්ත්‍රණ වලට තැනක් නැති බවත් හිරකරුවන් නිදහස් කරන ලෙසත් ලේ වැගිරීම් නවත්වන ලෙසත් මෑත පැවැත්වූ මැතිවරණ වලදී ප්‍රකාශ කරන ලද මහජන කැමැත්තට ගරු කරන ලෙසත් ජුන්ටා ආණ්ඩුවට කියා සිටියේය.
“ප්රජාතන්ත්රවාදයට වින කෙටිම ,කෘර ලෙස බලය යෙදීම හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම, සෑම ආකාරයකින්ම මර්දනය කිරීම අපට පේනවා . රෝහින්ජා ජනතාව ජනවර්ගයක් ලෙස අතුගා දැමීම සහ සුළු ජනකොටස් වල අයිති බරපතල ලෙස උල්ලංඝනය කිරීම කර තිබෙනවා ” ලැයිස්තුව ඔතනින් ඉවර නැහැ ” යනුවෙන් ගුටාරෙස් තව දුරටත් කියා සිටියේය
මේ අතර මියන්මාරයේ මානව අයිතීන් පිලිබඳව සොයාබලන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත Tom Andrews ප්‍රකාශයක් කරමින් ” අපි ජුන්ටා ආණ්ඩුවට අනතුරු අඟවනවා මේ 1988 නෙවෙයි .ආරක්ෂක හමුදා කරන දේවල්වල වාර්තා අඛණ්ඩ රැස්කරනව පමණක් නෙවෙයි ඔබලාට ඒවාට වග කියන්න වෙනවා “
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්