කොළඹ මිරිහානේ වෙල්සිරිපුර,රාවුලපුර හා ප්‍රගතිපුර යන ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කල ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මෙලෙස එම ප්‍රදේශයන් හුදෙකලා කිරීමට තීරණය කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශ තුලින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම හේතුවෙන් බව සඳහන්.
කොවිඩ්-19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද සිදුකෙරෙන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්