මිරිහාන ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළදසැළකට පොලිසිය කඩාපැන එය සීල්තබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව ශ්‍රි ලංකා පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වාදෙන්නේ පොලිසිය අපකීර්තියට පත් කිරිමේ අරමුණින් මෙවැනි ප්‍රචාර සිදුකරන බවට නිරික්ෂණය වී ඇති බවය.
පැල්වත්ත කිරිපිටි සමාගමේ නිෂ්පාදන මිලදි ගැනීමට මහජනතාව දිගු පොලිම්වල රැඳී සිටීමට හේතුව කුමක් ද යන්න සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට උපදෙස් ලබා දී ඇති බව පොලිසිය පවසයි.
මේ පිළිබඳ සිදුකළ සොයාබැලීමකදි අනාවරණය වී ඇත්තේ මිරිහාන ජුබිලි කණුවේ පිහිටි අලෙවි මධ්‍යස්ථානයේ කිරිපිටි නිකුත් කිරිම සදහා එක් කවුළුවක් පමණක් යොදාගැනීම හේතුවෙන් දිගු පොලීම් නිර්මාණය වී ඇති බවය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ සමාගමට දැනුම් දී ඇති අතර ඒ අනුව අද සිට අලෙවි ස්ථාන තවදුරටත් වැඩිකරමින් කිරිපිටි මහජනතාවට ලබාදීමට පියවර ගන්නා බවට පැල්වත්ත සමාගම එකඟවී ඇත.
ඒ අනුව ශ්‍රි ලංකා පොලිසිය සදහන් කළේ අනවසරයෙන් පැමිණ කිරිපිටි අලෙවි ස්ථාන සීල් තැබීමට කටයුතු කරන බවට සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්