පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟාවලිය පරාජය වීම හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ මොමිනුල් හැක් ඉල්ලා අස්වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2019 ඔක්තෝබර් සිට එම කණ්ඩායම ඔහු විසින් මෙහෙයවා තිබූ ටෙස්ට් තරග 17කදී තරග තුනක් ජය ගැනීමට සමත් වූ අතර තරග 12ක් පරාජය වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.
බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ මීළඟ නායකයා ලෙස ශකීබ් අල් හසාන් පත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්