වැලිවේරිය පොලිස් වසමට අයත් කුඩුමිරිසලන්ද ප්රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකගේ හිසට එල්ල කළ මන්නා පිහි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එදිරිසිංහ ආරච්චිලාගේ එමලින් නෝනා නමැති තිදරු මවකි.
මියගිය තැනැත්තියගේ 37 හැවිරිදි මුණුපුරා විසින් මෙම ඝාතනය සිදු කොට ඇති බව පොලීසිය පවසන අතර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ අරඹා ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ