මුදලට කොවිඩ් මර්දන එන්නත් අලෙවි කළ ලුනාව දිසා රෝහලේ සුළු සේවකයෙකු පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් රුපියල් 2000ක මුදලකට සයිනොෆාම් එන්නත අලෙවි කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් එක්ව ඊයේ (13) සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන එන්නත් කාඩ් පත් ද නිර්මාණය කරමින් මෙම ජාවාරම සිදු කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
සැකකරු අද (14) මොරටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක