ආනයනය කිරීම නවතා තිබූ වාහන 164ක් ආනයනය කිරීම සඳහා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් එම යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව ජල බවුසර් 50ක්, ගිලන් රථ 52ක් සහ ඩබල් කැබ් රථ 62ක් ආනයනය කරනු ඇත.
එම වාහන රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක