පපුවේ අමාරුවට කළ ප්‍රතිකාර අවසන්
ඉන්දියාවේ චෙන්නායි හි රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් සිටි මුත්තයියා මුරලිදරන් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) රෝහල්ගත වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසා තිබුණි.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඔහුව පිටව ගොස් ඇත.
ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඊයේ (18) මුරලි ඇතුළත් කර තිබුණි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්