මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ විශ්වමඩු ගෙනහිර ප්‍රදේශයේ පදිංචි (22) තරුණයෙකි.
මෙම තරුණයා තවත් පුද්ගලයකු සමග සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර , ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට