මුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත PCR යන්ත්රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය යළි සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
පැය 10ක පමණ කාලයක් ගත කර ඔවුන් තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති අතර එය නිවැරදි කිරීමෙන් අනතුරුව සඳුදා සිට පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බවයි තානාපති කාර්යාලය නිවේදනය කළේ.
චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව හදිසි පදනමක් මත ජුනි මාසයේදී මුල්ලෙරියාව මූලික රෝහලේ නව රසායනාගාරයක් ඉදිකර ඇති අතර මේ දක්වා එහි පරීක්ෂණ 26,000ක් පමණ සිදුකර තිබෙනවා.
යන්ත්රයෙන් තාක්ෂණික දෝෂයක් හට ගත්තද දිනකට PCR පරීක්ෂණ 200 – 300ත් අතර ප්රමාණයක් සිදුකිරීමට හැකිව තිබෙනවා.
යන්ත්රය යළිත් සම්පූර්ණයෙන්ම ක්රියාත්මක වන විට පැය 12කට වරක් PCR පරීක්ෂණ 500ක් පමණ සිදුකිරීමට අවස්ථාව පවතිනවා.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි