අද (24) අළුයම මුල්ලේරියාව අයි. ඩී .එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු පැන ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
තවද, ඔහුගේ වම් කකුල ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන ස්වභාවය ඔහුව හඳුනා ගැනීමේ විශේෂ ලක්ෂණයක් වනවා.
මෙම තැනැත්තා හැකි ඉක්මනින් සොයා ගැනීමට මහජන සහාය අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා පහත දුරකථන අංක වලට ඇමතිය හැකියි.
119
0718591017
0718592290
0718591864
ඔහුගේ සම්පූර්ණ විස්තරය පහතින්..
නම : එල්සියාම් නසීම්
වයස : අවුරුදු 41
ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්රිකුණාමලය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ