මුල්ලේරියාව මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඔවුන් වෙත කරුනු පැහැදිලි කිරීමෙන් පසුව වැඩ වර්ජනය අත්හල බවයි මුල්ලේරියාව මූලික රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා කියා සිටියේ.
රාජකාරියේ නිරතව සිටි කණිෂ්ඨ සේකයින් තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා කරමින් කණිෂ්ඨ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් අදාල කණිෂ්ඨ සේවකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්