2024 වසරේ මුල් මාස 04 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.25 ක් ලෙස වාර්තා වෙයි. මෙය ඉකුත් වසරේ අදාළ කාලය හා සැසඳීමේ දී 91.9% ක වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සංචාරක ඉපැයීම් පිළිබඳ නවතම දත්ත වාර්තාවන් හි මේ බව දැක්වේ.
ඉකුත් අප්‍රේල් මාසයේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 148,867 ක් වන අතර, එමගින් ලද ආදායම ඩොලර් මිලියන 225.7 කි. එසේම, මුල් මාස හතරේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේ දී 77.9% කින් වර්ධනය වී තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ