ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහා හදුනාගත් මිතුරන් පිරිසක් කුරුණෑගල රඹාවැව ප්‍රදේශයේ නිවසක පැවැත්වූ සාදයක් පොලීසිය විසින් වටලා තිබේ.
පොලීසිය පැවසුවේ එහිදී මුදල්, මත්පැන් සමග සාදය සංවිධානය කළ සහ සාදයට සංගීතය සැපයුම්කරු ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
සාදයට පුද්ගලයින් 24දෙනෙකු සහභාගි වී සිට ඇති අතර, පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග ඉන් 22දෙනෙකු පළාගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමග මත්පැන් බීර බෝතල් සහ මුදලින් රුපියල් 175,000ක් සිය භාරයට ගත් බවයි.
සාදයට සහභාගි වූ සැකකරුවන් පිළිබදව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්