පොදු ස්ථානවලදී හා මාර්ග වලදී මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී සී ආර් පරික්ෂණයකට හෝ රැපිඞ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
මේ අතර මුහුණු ආවරණ නොපැළදි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 74 දෙනෙකු ගතවූ පැය 24 තුල අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සදහන් කළා.
මේ අතර අද සිට දිවයිනපුරා මත්ස්‍යය අලෙවිසැල් , එළවලු වෙළදසැල් , සතිපොල , ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රීතව පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්