මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන කරුණු මත පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
පසුගිය ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 2746ක් පමණ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අතරින් පුද්ගලයන් 2600 දෙනෙකුට පමණ මේ වන විට නඩු පවරා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් හට නඩු පැවරීමට අමතරව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා යොමු කරන අතර එළවළු, මාළු වෙළෙඳ පොළවල්, ආර්ථික මධ්‍යස්ථාන සහ සති පොළවල සේවය කරන පුද්ගලයන් අහඹු ලෙස තෝරාගෙන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්