නවසීලන්තයේ අගමැතිවරිය ලෙස නැවතත් ජසින්ඩා ආර්ඩන් තේරී පත්වීමත් සමග කාන්තාවන් සදහා කැබිනට් මණ්ඩලයේ සුවිශේෂ ස්ථානයක් ලැබී තිබෙනවා .ඒ අතර නව විදේශ අමාත්‍යවරිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා .
නනායියා මහූටා (Nanaia Mahuta) වයස අවුරුදු 50 ක් වූ නවසීලන්තයේ දේශපාලන නායිකාවකි.ඇය එරට ආදිවාසී මාඕරි ගෝත්‍රයට අයත් කාන්තාවක් වීම විශේෂත්වයක්.
1996 මැතිවරණයේදී ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මහූටා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.අනතුරුව 1999 මැතිවරණයට ඉදිරිපත් වෙමින් ඇය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු වරම් ලබා ගත්තා.නවසීලන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇය කැබිනට් අමාත්‍යවරයකු ලෙසත්, රේගු අමාත්‍ය, පළාත් පාලන අමාත්‍ය, තරුණ සංවර්ධන අමාත්‍ය, පරිසර සහකාර අමාත්‍ය සහ සංචාරක සහකාර අමාත්‍යවරිය ලෙස සේවය කර තිබෙනවා .
නවසීලන්තයේ නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරිය බවට පත් වූ ඇය එම තනතුර ලද පළමු කාන්තාව ලෙස ඉතිහාස ගත වනවා.එමෙන්ම එවැනි කැබිනට් තනතුරක් ලද පළමු ආදිවාසී කාන්තාව ද ඇය වනවා.
සිය ගෝත්‍රයට ආවේණික සාම්ප්‍රදායික මුහුණු පච්චයක් වන මොකෝ කවායි නම් වූ පච්චය පැළඳ සිටින ඇය එලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ද වනවා.එම පච්චය පිළිබඳ ඇය පවසන්නේ “එය මම කවුද, මගේ අනන්‍යතාවය සහ මා අයිති කොතැනද යන්න සංකේතයක්” ලෙස පවතින බවයි.
ජසින්ඩා ආර්ඩන් සිය නව කැබිනට් මණ්ඩලය ඊයේ දින ප්‍රාකාශයට පත් කලේ මැතිවරණයෙන් ලද අතිවිශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසුව ය.20 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය කාන්තාවන් 8 දෙනෙකු නියෝජනය කරනවා.
ඕමාරි,පැසිෆිකා යන ජන වර්ග නියෝජනය වන මෙම කැබිනට් මණ්ඩලය විවිධත්වයෙන් යුතුව නිර්මාණය කිරීම සිය අරමුණ වූ බවයි අගමැතිවරිය පවසන්නේ.විදේශ අමාත්‍යවරිය ප්‍රකාශයට පත් කරමින් අගමැති ජසින්ඩා ආර්ඩන් කියා සිටියේ “ලෝකය තුල නවසීලන්තය නියෝජනය කිරීමට අවශ්‍ය සියලු රාජ්‍ය තාන්ත්‍රික කුසලතා මහූටා මහත්මිය විශිෂ්ඨ ලෙස පෙන්නුම් කරන බවයි .
-ධීරේ-
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
“එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවට CGTN මත විමසුමකින් අනාවරණය කෙරේ
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය