කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පැමිණෙන දුම්රියන් අද(27) සිට කොල්ලුපිටියට පමණක් සීමාකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
මේ අතර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්,ගුරුවරුන් හා දෙමාපියන්හට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය භාවිත කරමින් ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ සේවකයින් හටද කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට ඒ අනුව අවසර හිමි වනවා.
මේ අතර අලූත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය කොට්ඨාශයේ, අනුරාධපුර කොට්ඨාශයේ සියලූම කෙටි දුර ධාවනය වන දුම්රිය නියමිත පරිදි ධාවනය වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්