යාපනය, පලෙයි, ඌරලි මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද දහවල් මුහුදේ දියනෑමට ගොස් ඇති බවයි.
එහිදී 19 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා ඇතැයි, පොලීසිය පැවසුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අතුරුදන් වූ පුද්ගලයින් සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග