විදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ මෙසේ දැක්වේ.
“ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත.”
ඊට අදාළව යෝජනා සඳහා වන ඉල්ලීම් සහ වැඩි විස්තර ඇතුළත් සබැඳි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට