නව මුදල් කාරක සභා දෙකක් සහ අධීක්ෂණ කාරක සභා 10 ක් පිහිටුවා රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම ක්‍රමවේදය මඟින් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන පසුබිමක් නිර්මාණය වන බවයි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා සඳහන් කළේ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය වැඩි වන බවත් පාර්ලිමේන්තු ක්‍රමය හා රාජ්‍ය මන්ත්‍රණ සභා ක්රමයේ එකතුවකින් නව ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
දැනට පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා 03 ක් තිබෙන අතර මීට අමතරව මුදල් පිළිබඳ නව කාරක සභා දෙකක් එසේම අධීක්ෂණ කාරක සභා පත් කිරීමටද සැලසුම් කර ඇති බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සම්පූර්ණ ප්‍රකාශය පහතින්,
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්