උසස් ගුණාත්මකභාවයෙන් යුතු මූල්‍ය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීනයේ පළාත් මට්ටමේ ප්‍රධාන නිලධාරීන්ගේ වැඩමුළුව අද(16) චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ විද්‍යාලයේ දී ආරම්භ විය.
චීන කොමියුනිස්ට් පක්ෂ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් කරමින් පැවසුවේ චීන ලක්ෂණයන්ගෙන් යුතු මූල්‍ය සංවර්ධන මාවත, නූතන මූල්‍ය සංවර්ධන විෂය මූලික නීතියට හා චීනයේ සැබෑ තත්ත්වයට ගැළපෙන බවයි. එය හා බටහිර රටවල මූල්‍ය රටාවන් අතර ස්වභාවික වෙනස්කම් තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනය ක්‍රම ක්‍රමයෙන් චීන ලක්ෂණ සහිත මූල්‍ය සංවර්ධන මාවතකට අවතීර්ණ වී ඇති බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. මූල්‍ය කටයුතුවලදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානත්වය නියෝජනය කරමින් සැබෑ ආර්ථිකයේ මූල්‍යය සේවා සැපයීමේ මූලධර්මයට අනුගත විය යුතුය. එමෙන්ම අවදානම් වැළැක්වීම හා පාලනය කිරීම මූල්‍ය කටයුතුවල තිරසර තේමාවක් ලෙස සලකමින්, වෙළඳපොළකරණය හා නීතිමය පාලනය මත මූල්‍ය නවීකරණය ප්‍රවර්ධනය කරනු ඇත.
චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීන මූල්‍ය පද්ධතියක් ගොඩනැගීම කඩිනම් කරමින් මූල්‍ය අවදානම් වැළැක්වීම හා ඒවා විසඳීම සිදු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. විවෘතභාවය තවදුරටත් පුළුල් කිරීමෙන් ජාත්‍යන්තර තරඟකාරීත්වය හා විවිධ රෙගුලාසිවල බලපෑම ශක්තිමත් කළ යුතු ය. විවිධ මට්ටමේ නිලධාරීන්ට මූල්‍ය සංකල්පය හා මූල්‍ය කටයුතුවලදී ඇති හැකියාව වැඩි දියුණු කරමින් මධ්‍යම රජයේ මූල්‍ය කටයුතු රැස්වීමේදී ගත් විවිධ තීරණ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව ද ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය