චීන මාධ්‍ය සමූහය 2023 වසරේ වසන්ත උත්සව ප්‍රසංගයේ 4වැනි පෙරහුරුව අවසන් කරයි.
එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන විශේෂ ප්‍රසංගයේ4වැනි පෙරහුරුව ඊයේ (16) සිදු කෙරිණ. තාක්ෂණයෙන් කලාව ඉස්මතු කෙරෙන එම ප්‍රසංගයේ සම්ප්‍රදාය හා නවීණත්වය මුසුවේ.චීනයේ බොහෝ නිර්මාණශීලි ගායකයන් හා ප්‍රකට නළුවන් ප්‍රථම වරට මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට එක්වීම විශේෂත්වයකි.

සොං සහ යුවාන් රාජවංශවල දකුණු චීනයේ Pu xian නම් ජනප්‍රිය ප්‍රාදේශීය ඔපෙරාව සහ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කෙරුණු, අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාතේ දකුණු ප්රදේශයේ Nan yin නම් ජනප්‍රිය සාම්ප්‍රදායික සංගීත කලාව, මෙවර වසන්ත උත්සව ප්‍රසංගයේ දී පළමු වරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම ද සුවිශේෂී වේ.
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්