පසුගිය ඔක්තෝබර් 7 වන දින ආරම්භ වූ පලස්තීන-ඊශ්‍රායල් ගැටුමෙන් පසු උතුරු ගාසා තීරයට මෙතෙක් ලබා දුන් විශාලතම ආධාර තොගය ඊයේ (25) ළඟා වූ බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පවසයි. එම සහනාධාර ට්‍රක් රථ 61කින් ප්‍රවාහනය කර ඇත.
ආහාර, ජලය සහ හදිසි වෛද්‍ය සැපයුම් එම ආධාර තොගයට ඇතුළත් වේ. සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය උපකරණ උතුරු ගාසා හි පිහිටි අල් ෂිෆා රෝහල වෙත භාර දුන් බව ද වාර්තා වේ.
එමෙන්ම තවත් ට්‍රක් රථ 200ක් ඊශ්‍රායල දේශසීමාවේ පිහිටි නගරයක් වන නිට්සානා සිට රෆා හරස් මාර්ගයට යොමු කර ඇත. ඉන් ට්‍රක් රථ 187ක් ඊයේ(25) රාත්‍රිය වන විට ගාසා තීරයට ඇතුළු වී තිබේ. ඉන්ධන ලීටර් 129,000 ක් ද ගාසා තීරයට මෙලෙස ප්‍රවාහනය කර ඇති බව සඳහන් වේ.
පලස්තීන සහ ඊජිප්තු රතු ක්‍රෙසන්ට් සංවිධාන නොමැතිව මෙම ආධාර බෙදාහැරීම් සිදු කළ නොහැකි බවත් මානුෂීය විරාමය දීර්ඝ කාලයක් පැවතුනහොත් මානුෂීය සේවා සපයන ආයතනවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගාසා තීරයට යැවීමට හැකි බවත් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දෙයි
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය