ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී මෙරට තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේ දී ලබා දීමට පියවර ගැනේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුටම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට කටයුතු කෙරේ.
තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලිකරුවන්ගේ සංගමය හා තේ කර්මාන්තකරුවන් නියෝජනය කරන පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ. විදෙස් සංචාරකයන්ට තේ සිහිවටනයක් පිරිනැමීමේ යෝජනාවට ඔවුන්ගේ එකඟතාව පළ විය.
මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පෞද්ගලික අංශය විසින් දැරීමට නියමිතය.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්