ශ්‍රී ලංකාවෙන් ඊයේ (04) වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 384 දෙනා අතුරින්ද වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.එය 78 ක්.
රත්නපුර 64 ක් / මහනුවර 35 ක් / ගම්පහ 21 ක් / බදුල්ලේ 19 ක් / අනුරාධපුර 18 ක් / නුවරඑළියේ 13 ක් හා අම්පාරේ 13 ක් ඊයේ ආසාදිතයන් අතර වනවා.
ගාල්ලේ 12 ක් / මඩකලපුවේ 12 ක් / මාතර 11 ක් / යාපනයේ 11 ක් සහ කෑගල්ලේ 10 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා වුණා.
හම්බන්තොට 06 ක් / කුරුණෑගල – මන්නාරම – මොණරාගල – පුත්තලම දිස්ත්‍රික්වලින් 05 දෙනා බැගින් මෙන්ම මාතලේ 04 ක් / කලුතර 03 ක් සහ පොළොන්නරුවේ එක් ආසාධිතයෙකුද ඊයේ මෙරට කොවිඩ් රෝගීන් අතරට අයත්.
තවත් 33 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි ආසාධිතයන් වනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ