ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඞ් ආසාධිතයන් 515 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ මීගමුවෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එය 77 ක්.
ඉන් 76 දෙනෙකුම බන්ධනාගාරවලින් වන අතර 71 දෙනෙකු දලුපොත බන්ධනාගාරයෙන් සහ 05 දෙනෙකු මීගමුව බන්ධනාගාරයෙන් වනවා.
ඊයේ දිනයේදී වැඩිම කොවිඞ් ආසාධිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එය 144 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ආසාධිතයන් 47 දෙනෙකු පමණයි.
කොවිඞ් දෙවන රැල්ලේදී කොළඹින් ආසාධිතයන් 50 දෙනෙකුට අඩුවෙන් වාර්තාවූයේ දීර්ඝ කාලයකට පසුවවීම විශේෂත්වයක්.
මහනුවර ආසාධිතයන් 96 ක් / පොළොන්නරුවේ 43 ක් / මාතර හා කුරුණෑගල 33 දෙනා බැගින් මෙන්ම රත්නපුර 31 ක් ඊයේ ආසාධිතයන් අතර වුණා.
හම්බන්තොට 22 ක් / කලුතර 12 ක් / නුවරඑළියේ 11 ක් / ගාල්ලේ 09 ක් හා පුත්තලමේ 07 ක් ද ඊයේ මෙරටින් වාර්තා වූ ආසාධිතයන් අතරට අයත්.
අම්පාරේ 04 ක් / මාතලේ 04 ක් / ත්‍රිකුණාමලයේ 03 ක් මෙන්ම මඩකලපුව – මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්වල එක් අයෙකු බැගින්ද ඊයේ වාර්තා වී තිබෙනවා.
අනෙක් 13 දෙනා විදේශයන් හි සිට පැමිණි අයයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව