ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 495 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 32 875 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 36 544 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8827 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් තවත් 491 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27 552 දක්වා ඉහළ යනු ඇති. මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 517 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 165 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව