ඊයේ(07) දිනය තුළ පමණක් ආසාදිතයින් 21දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
ඒ අනුව, මෙරට සමස්ත කොව්ඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් 16 දෙනකු කුවේට් හි සිට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයන් වෙයි.
තවත් දෙදෙනෙකු කටාර් හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයයි.
බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වු අයෙකු සහ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඊයේ හඳුනා ගත් ආසාදිතයින් අතර වනවා..
මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 941ක් වන අතර වෛරස ආසාදිතයින් 883 කු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
මෙරට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් රොගීන්ගෙන් 855 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර ඉන් 508 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙන බව යුධහමුදාපතිවරයා සදහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්