මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 7 යි දශම 8 යි 8 දක්වා සියයට 22 යි දශම 3 කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අගෝස්තුවේදී අඛන්ඩ 3 වන මාසයටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවමින්. විශේෂයෙන් ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල සේවා අංශයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2 යි දශම 1 යි 8 දක්වා සියයට 33 කින් වර්ධනය වීම කැපී පෙනෙනවා.
මෙම වර්ධන ප්‍රවණතාව අනුව, වසර තුලදී ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක අපනයන ආදායම් ඉලක්කය ළගා කර ගැනීමට හැකිවනු ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ